ප්‍රමුඛ පුවත 1

එජාපයෙන් යළි විරෝධතාවයක්

(UTV| කොළඹ) – ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකළාපයට විරෝධය පළ කරමින් ලබන 15 වනදා කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සදහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන්කර සිටියේ කොළඹ ගංගාරම විහාරස්ථානය අසල පැවැති අඳුරට එරෙහිව පහණක් දල්වමු විරෝධතා ව්‍යාපාරයට එක්වෙමින්.

එහිදී  පිරිස ඉටිපන්දම් දල්වමින් පැයකට අධික කාලයක් නිහඬව විරෝධතාවයේ නිරත වූහ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, රවී කරුනානායක, ඩී. එම් ස්වාමිනාදන්, ජෝන් අමරතුංග, රුවන් විජයවර්ධන, ලකී ජයවර්ධන, නලින් බන්ඩාර, මුජබර් රහුමාන්, චමින්ද විජේසිරි, හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර, හර්ෂ ද සිල්වා සහ අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද  කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මදුෂ් සමඟ සිටි සන්ෂයින් සුද්දගේ හෝටලයේ cctv දර්ශන පරීක්‍ෂාවට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමෙන් සමස්තය ඉහළට

Mohamed Dilsad

දේශීය කලාව නඟා සිටුවීමට උපරිමයෙන් කැපවනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment