ප්‍රමුඛ පුවත 1

මදුෂ් සමඟ සිටි සන්ෂයින් සුද්දගේ හෝටලයේ cctv දර්ශන පරීක්‍ෂාවට

(UTV| කොළඹ) – මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියෙකු වන සන්ෂයින් සුද්දා නමැති පුද්ගලයාගේ හෝටලයේ සී.සී.ටී.වී දර්ශන පොලීසිය ලබාගෙන තිබේ.

ඔහු පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් අයෙකි.

මධූෂ් සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ කටයුතු මූලික කරගෙන මෙම දර්ශන ලබා ගත් බව පොලිසිය පවසයි.

මේ අතර මාකඳුරේ මධූෂ්ගේ සහ ඔහු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පාතාල සාමාජිකයින් 06 දෙනෙකුගේ නිවාස පරීක්ෂා කිරීමට පොලිසිය ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර එහිදී මධූෂ්ගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා ගේ මාතර – ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් සොයාගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වාණිජ ගුවන් පළවනදා සිට

Mohamed Dilsad

තම දියණිය ඝාතනය කල පුත්තලමේ මව අත්අඩංගුවට

Mohamed Dilsad

මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment