ප්‍රමුඛ පුවත 1

තම දියණිය ඝාතනය කල පුත්තලමේ මව අත්අඩංගුවට

(UTV|පුත්තලම) – පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දියණිය ඝාතණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් විසින් දියණිය ඝාතණය කර කලා ඔයට දැමු බවට ඇය ඊයේ(03) පොලීසිය හමුවේ පාපොච්චාරණය කලාය.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකාරිය අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පුත්තලම කරුවලගස්වැව නිලබැම්ම ප්‍රදේශයේ පදිංචි සිවු හැවිරිදි සෙනුරි තිසාරා අතුරුදන් වුයේ පසුගිය 29 වැනිදාය.

ඒ සම්බන්ධයෙන් ඇයගේ මව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබූ අතර මව විසින්ම දැරිය කලා ඔයට දමා ඇති බවට පසුව තොරතුරු අනාවරණය විය.

ඒ අනුව දියණිය සෙවීමේ කටයුතු පොලීස් සහ නාවික හමුදා නිලධාරීන් විසින් කලා ඔයේ ඕලුමඩු ප්‍රදේශයෙන් ආරම්භ කෙළ්ය.

කෙසේ වෙතත් මෙතෙක් දියණියගේ මළ සිරුර සොයා ගැනීමට හැකියාව ලැබී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

Mohamed Dilsad

අනතුර සම්බන්ධයෙන් පාඨලීගේ රියදුරුගෙන් අද ප්‍රකාශයක්

Mohamed Dilsad

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.

Mohamed Dilsad

Leave a Comment