Trending News

කළුතර වෙඩි තැබීමකින් 6ක් මරුට(UPDATE)

(උදයම්,කළුතර)  – බන්ධනාගාර බස් රථයකට කළුතර ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි.

මෙම වෙඩි තැබීමෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු හයදෙනෙකු මියගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන නඩුවක් සඳහා කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර බන්ධනාගාර බස් රථයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවය.

කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරියෙකුද වන බව වාර්තාවේ.

නවගමුව ඇතුලු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සහ ඝාතන දෙකක් සිදුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් 30 හැවිරිදි අරුණ උදය ශාන්ත පතිරණට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවේ.ඔහු කඩුවෙල – රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

පොල් හිඟයට එක හේතුවක් අසේල සම්පත් හෙළි කරයි

Editor O

க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர பரீட்சைகள் டிசம்பர் மாதத்தில்

Mohamed Dilsad

“E-Health card soon,” Health Minister assures

Mohamed Dilsad

Leave a Comment