ප්‍රමුඛ පුවත 1

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේ

(UTV|කුරුණෑගල) – සතොස මුදල් අවභාවිත චෝදනාවට අදාළ නඩුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු විත්තියේ සාක්ෂි නොකැඳවා නිදොස් කර නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.

ඒ අද(17) පෙරවරුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

මෙලෙස නිදොස් කර නිදහස් කෙරුණු සෙසු දෙදෙනා වන්නේ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු වන මොහොමඩ් සකීර් යන අයය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන් කරණ ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අධි චෝදනා මත එල්ල කර ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකි වීම, පැමිණිල්ලේ සාක්ෂි විශ්වාසයෙන් බැහැරවීම හා සාක්ෂි පරස්පර වීම මෙම ඉල්ලීමට හේතු සාධක බව නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙන්වා දී ඇත.

වයඹ පළාත් සභා මැතිවරණ සමයේ 2013 ජූලි මස පලමුවැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුලදී සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ මිලදී ගෙන සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනාවයි සැකකරුවන්ට එල්ල වී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රත්නපුරට ජාත්‍යන්තර මැණික් වෙළඳපොළක් – ගෝඨා [VIDEO]

Mohamed Dilsad

එජාප රථවාහන පෙළපාලිය හේතුවෙන් රථවාහන තද බදයක්

Mohamed Dilsad

ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා සිටින රට ශ්‍රීලංකාවයි

Mohamed Dilsad

Leave a Comment