ප්‍රමුඛ පුවත 1

ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා සිටින රට ශ්‍රීලංකාවයි

(උදයම්,කොළඹ ) – ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා නම්කෙරේ.

මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසිනි.

පවතින ආර්ථික තත්ත්වයන් කළමනාකරණය කරමින් රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් ගන්න ලද ක්‍රියාමාර්ග මගින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත.

මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වන්නේ කුවෙට් හි අනාස් අල් සාලේයි.

දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රවීන් ගොර්දාන් අප‍්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වෙයි.

Related posts

එජාප මන්ත්‍රීවරුන් සහ ඇමති සජිත් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

සිර දඬුවම් නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් දින 3 ක් ඇතුළත තහවුරු කරන්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment