ප්‍රමුඛ පුවත 1

අධිවේගීයේ ඉලෙක්ට්‍රොනික් ලෙස ගාස්තු ගෙව්වොත් 10% ක වට්ටමක්

(UTV| කොළඹ) – අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය භාවිත කරන පාරිභෝගිකයින්ට 10% ක වට්ටමක් ලබා දීමට නියමිතය.

මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ග නඩත්තු සහ කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, ගෙවීම් දොරටුවලදී තම වාහනය නතර කිරීමකින් තොරව මෙම ක්‍රමවේදයෙන් මුදල් ගෙවිය හැකි බව යි.

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ පමණක් දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක අතර දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ද එය කඩිනමින් හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේ ය.

මේ වන විට අධිවේගී මාර්ග සඳහා ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය සඳහා 15,000 කට අධික පාරිභෝගිකයින් පිරිසක් ලියාපදිංචි වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

IOC සේවකයින් පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment