ප්‍රමුඛ පුවත 1

රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV| ගාල්ල) – සංචාරක වීසා බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මෙරට පච්චා කෙටීමේ රැකියාවක නිරත වූ රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්වුණා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි.

ගාල්ල ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට පච්චා කෙටීමේ රැකියාවක නිරත වන රුසියානු ජාතිකයෙකු පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරක් වාර්තා වුණා.

ඒ අනුව අප කළ දැනුම් දීම මත රුසියානු ජාතිකයා රැඳී සිටි ගාල්ල – මිලිද්දූව ප්‍රදේශයේ හෝටලය වෙත ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනුණා.

Related posts

අයිස් සමග කාන්තාවක් අත්අඩංගුවට

Editor O

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩය .

Mohamed Dilsad

Leave a Comment