ප්‍රමුඛ පුවත 1

වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

(UTV| කොළඹ) – වයඹ පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව එම පළාත් සභාවේ බලය ද පළාත් ආණ්ඩුකාරවරයාට පැවරෙනු ඇති.

මේ වන විට තවත් පළාත් සභා 04ක නිල කාලය මේ වන විට අවසන් වී ඇති අතර ඒවායේ පාලනය ද පැවරී ඇත්තේ පළාත් ආණ්ඩුකාරවරුන්ට ය.

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය පෙරේදා දිනයේ අවසන් විය.

සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත් සභාවල නිල කාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වූ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 25 වන දා අවසන් වීමට නියමිතව තිබේ.

සෙසු පළාත් සභා 03හි නිල කාලය අවසන් වන්නේ ලබන වසරේ ය.

ලබන වසරේ අපේල් 10 වන දා දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වන අතර 21 වන දා බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වේ.

ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයේ සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ පෙනී සිටින අලුත්ම නම

Mohamed Dilsad

Leave a Comment