ප්‍රමුඛ පුවත 1

වගා හානි වන්දි මේ වසරේ සිට සෙසු බෝග සඳහාත්

(උදයම්,කොළඹ) – වී වගාවට සඳහා පමණක් මෙතෙක් ලබාදුන් වගා හානි වන්දි මේ වසරේ සිට සෙසු බෝග සඳහාද ලබාදීමට රජය තීරණය කරයි.

2017 අයවැහි සඳහන්ප වන පරිදි ‘කෙතට අරුණ පොහොර දිරිය වගා හානි’ රක්ෂණ වැඩසටහන යටතේ මෙම වන්දි ලබාදීම සිදුකිරීමට නියමිතය.
මෙහිදී වී වලට අමතරව අල, ලොකු ළූණු, මිරිස්, බඩඉරිඟු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා මේ වසරේ සිට වගා හානි වන්දි ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වනවිට වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් දස දහසක උපරිමයක් සහ හෙක්ටයාරයකට රුපියල් 25,000ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීම සිදුකෙරෙයි.

Related posts

හම්බන්තොට පාසල් අද වසයි

Mohamed Dilsad

මේ වසරේදී වන අලි 154ක් මරුට

Mohamed Dilsad

‘දේශීය සහල් සඳහාත් අද සිට පාලන මිලක්’ ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment