ප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්

(UTV| කොළඹ) –  අධිවේගී මාර්ග ආශ්‍රිතව පවතින අධික වර්ෂාපතනය හේතුවේ වාහන ගමනා ගමනයේදී වේගය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් ධාවනය කිරිම වඩාත් සුදුසු වන බවයි.

එමෙන්ම වර්ෂාවත් සමඟ පවතින අඳුරු කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනයේදී ඉදිරි ලාම්පු දල්වා ගමන් කරන ලෙස ද එස්. ඕපනායක මහතා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර අද(06) පෙරවරඅවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැළණිගම සහ දොඩම්ගොඩ අතර ප්‍රදේශයේදී රියදුරුට වාහන පාලනය කර ගැනිමට නොහැකිව අනතුරක් ද සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

විභාග මධ්‍යස්ථාන 03ක ප්‍රශ්න පත්‍රය බෙදීම ප්‍රමාද වෙයි

Mohamed Dilsad

හදිසි විදුලි වැටලීමක් 110 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළමු පාසල් වාරය අදින අවසන්

Mohamed Dilsad

Leave a Comment