ප්‍රමුඛ පුවත 1

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු දියේ ගිලී මරුට

(UTV| කොළඹ) – කඳාන ප්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබේ.

ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති අදාළ සැකකරු ඊයේ(05) දිනයේ අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුණි.

ඒ කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවය.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන එන අතරතුර සනීපාරක්ෂක අවශ්‍යතාවක් මතුවීම හේතුවෙන් සැකකරුට ජා ඇල දළුගම ප්‍රදේශයේදී ඒ සඳහා අවස්ථාව ලබාදී ඇත.

එහිදී සැකකරු පොලිස් නිලධාරියෙකුට ද පහරදී  අසළ තිබූ ඇලකට පැන තිබේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහු ගොඩට ගෙන රාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(06) සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය වර්ජනය පැවති දෙදිනක කාලය තුළ ලංගමයට මිලියන 79 ක ආදායමක්

Mohamed Dilsad

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

Mohamed Dilsad

බුද්ධ ශාසන ඇමති අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවට එන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment