ප්‍රමුඛ පුවත 1

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

(UTV| කොළඹ) – අදට යෙදෙන ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

ලෝක ළමා දින ජාතික උත්සවය අද (01) කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශලාවේ දී පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොද තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇත.

‘දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න’ යන්න මෙවර එහි තේමාවයි.  මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා කවරය නිකුත් කිරීම ද සිදු වේ.

මේ අතර ලොව පුරා වැඩිහිටියන් සැමරෙන ලෝක වැඩිහිටි දිනය ද අදට (01) යෙදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු සීනි මීල ඉහළ දමන වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින්

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති හිරෝෂිමාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment