ප්‍රමුඛ පුවත 1

මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

UTV | COLOMBO – පසුගිය දිනක ධාවනය වෙම්න් පැවති කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක්කල අවස්ථාවක් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූවා.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අපට වාර්තා වූයේ අදාළ සිසුවා කාර්මික සිසුවෙකු බවයි.

අදාල දුම්රිය සැප්තැම්බර් 19 දින යාපනය සිට කොළඹ කොටුව බලගමන්ගත් නගරාන්තර දුම්රියයි.

එය මහගල්කඩවල ප්‍රදේශයේදී ආපදාවකට ලක්ව නතරවන අතර එම ස්ථානයද කැලෑබද ප්‍රදේශයක් බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දුම්රියේ තාක්ෂණික ශිල්පින්ය එම කාර්මික දෝෂය සැකසීමට විනාඩි 45 ක් පමණ කාලයක් දැඩි උත්සහයක් ගත්තත් එය ව්‍යර්ථ වූ බවටයි මගීන් පවසන්නේ.

පසුව එම ස්ථානයට පැමිණි අදාළ කාර්මික සිසුවා එය සැකසීමට ස්වේච්චාවෙන් ඉදිරිපත්ව ඇති අතර ඒ සඳහා අදාල නිලධාරීන් මෙන්ම මගීන් සහ දුම්රිය රියදුරු ඔහුට සහය ලබා දී තිබෙනවා.

පසුව මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයකින් සිසුවා දුම්රිය පණගන්වා නැවත ධාවනය කරවූ බවයි දුම්රියේ ගමන්ගත් මගීන් සඳහන් කරන්නේ.

මෙලෙස තැනට උචිත අයුරින් තමන් දන්නා දේ ප්‍රයෝජනයට ගනිමින් මගීන් රැසක් පත්ව සිටි අපහසුතාවයෙන් ගලවාගෙන ඇත්තේ ජනිත් දීමන්ත නමැති සිසුවෙක් විසින්.

එම අවස්ථාවේ මගියෙකු විසින් ලබාගෙන සමාජ මාධ්‍ය වෙත එක්කළ ඡායාරූපයක් පහතින්.

Image may contain: 1 person, skyscraper and outdoor

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/2345.png”]

Related posts

එජාප පාක්ෂිකයින්ගේ අපේක්ෂකයා සජිත් – ඇමති මංගල යාපනේදී කියයි [VIDEO]

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානය

Mohamed Dilsad

පවුලක් නොමැති දරුවන්ගේ රැකවරණයට විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment