ප්‍රමුඛ පුවත 1

එජාප පාක්ෂිකයින්ගේ අපේක්ෂකයා සජිත් – ඇමති මංගල යාපනේදී කියයි [VIDEO]

(UTV|යාපනය) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ජනතාව තෝරා අවසන් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ වෙන කිසිවෙකුත් නොව අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව මුදල් අමත්‍යවරයා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(07) යාපනයේදී ආරම්භ වන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයේ  ඉදිකිරීම්  කටයුතු වෙනුවෙන් ඊයේ(06)  යාපනය නගරයට පැමිණි අවස්ථාවේදීය.

මංගල සමරවීර  අමාත්‍යවරයා කොළඹ සිට යාපනය බලා දුම්රියෙන් පැමිණ තිබු අතර යාපනය දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන්  ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයා සම්බන්ධයෙන්  ප්‍රශ්න කර තිබේ.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ,  එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව තෝරාගෙන අවසන් බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට යන යන තැන ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන බවත් පසුගිය දා බදුල්ල හා මාතරත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නියෝජනය කරන කුරුණෑගල ප්‍රදේශයේ  පැවති ‘සජිත් රටටම එනවා’ රැස්වීම් වලට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාවගේ උනන්දුවෙන් එය තහවුරු වන බවත් අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ඇමතිවරයා, දැන් ඇත්තටම සාකච්ජා කරලා එකඟත්වයට එන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. ජනතාව සජිත්ව තෝරාගෙන ඉවරයි. දැන් ඉතිරිවෙලා තියන්නේ එක නිලවශයෙන් ප්‍රකාශ කිරීම පමණයි. අගමැතිතුමා එක අද හෙටම ප්‍රකාශයට පත් කරවී. ඒ ගැන දෙගිඩියාවක් තියාගන්න එපා. ඔය එක එක්කෙනාගේ ‘ප්ලාන් නිව්ස්’ වලට රැවටෙන්න එපා” ඇමතිවරයා කියා සිටියේය.                                  

Related posts

මෙරටින් වාර්තා වන ආසාදිතයින් 2000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

වෙඩි තබා ඝාතනයකර තිබු පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි වෙයි

Mohamed Dilsad

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

Mohamed Dilsad

Leave a Comment