ප්‍රමුඛ පුවත 1

පිදුරංගල පර්වත මුදුනේ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් සම්බන්ධයෙන් පරීක්‍ෂණ

(UTV| කොළඹ) – ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැරි තරුණයින් පිරිසකගෙන් දෙනෙකුගේ අනන්‍යතාවය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

එම තරුණයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප භාර අධ්‍යක්ෂ ජී. නීලප්‍රේම මහතා පවසයි.

මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදාහල පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පිදුරංගල රජමහා විහාරයේ දායක සභාව විසින් ද, සීගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපයන්ට පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාප රැල්ල අද බදුල්ලෙන් ඇරඹේ

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල නත්තලෙන් පසු

Mohamed Dilsad

අකුරැස්සේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment