ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමජිකයින් පත්කිරීමට සුදානම්

(UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත් කරන බව

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ එහි සමාජිකයින් 5 දෙනෙකුගේ නිල කාලය ඊයේ(22) දිනෙන් අවසන් වූ බවයි.

මේ අනුව ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, විජිත හේරත්, තිලක් මාරපන, සිබ්ලි අශීස් සහ රධිකා කුමාරස්වාමි යන මහත්ම මහත්මීන්ගේ නිල කාලය අවසන් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් තේරී පත්වන අතර තවත් සාමාජිකයින් 6 දෙනෙකු ද ඊට ඇතුළත් වේ.

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ මහින්ද සමරසිංහ මහතාගේ නිල කාලයට මින් බලපෑමක් නොමැති බවද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, නිල කාලය අවසන් වූ සාමාජිකයින් වෙනුවට නව සමාජිකයින් පත් කිරීම අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් සිදු කළ යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඉදිරි කටයුතු සඳහා කඩිනමින් නව පත් කිරීම් සිදු කළ යුතු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදෙස් මුදල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණය සැප්තැම්බර් මුලදී

Mohamed Dilsad

ජා-ඇල සුදුවැල්ල ගම වැසේ

Mohamed Dilsad

Leave a Comment