ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර අහිමි වූ අය මෙන්න

(UTV| කොළඹ) – ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 06 දෙනෙකු සංවිධායක ධුර වලින් ඉවත් කෙරේ.

ඒ ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව

සුසිල් ප්‍රේම්ජයන්ත – කඩුවෙල ආසන සංවිධායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න – රත්නපුර සංවිධායක, අනුර ප්‍රියදර්ශන යාපා – කටුගම්පොල ආසන සංවිධායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන -හක්මන සංවිධායක , චන්දිම වීරක්කොඩි – හබරාදූව ආසන සංවිධායක.

මීට අමතරව ටී.බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන්ද සිය අසන සංවිධායක ධුර අහිමි වූ අය අතර වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන තුළ බල මණ්ඩල පිහිටුවා නොමැති හෙයින් ආසන සංවිධායකධුරවලින් ඉවත් කර ඇති බවත් ,ඒ වෙනුවෙන් අද (21) නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට නියමිත බවත් වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද

Mohamed Dilsad

වගකීමෙන් සමාජ වෙබ් අඩවිවලට තොරතුරු සපයන්න – ඇමති හර්ෂ පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

Leave a Comment