ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද(27) පැවැත්වේ.

මීට පෙරද එම පක්ෂ දෙක අතර සාකච්ඡා වට හයක් පමණ පවත්වා තිබේ.

නමුත් මාසයක පමණ කාලයක් එම සාකච්ඡා නතර වී තිබු අතර අද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වෙන සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ සහභාගී වන නියෝජිත පිරිසේ ද වෙනස්කම් සිදු කර ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාවේ දී වැඩි අවධානය යොමුකරන්නේ පක්‍ෂ දෙක එක්ව කටයුතු කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් බව ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද තවත් සාකච්ඡාවක

Mohamed Dilsad

යකඩ බෝල තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාතාල සාමාජිකයෙකුගේ සොහොයුරියක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

Mohamed Dilsad

Leave a Comment