විදෙස්

මෙක්සිකෝ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166 ක්

(UTV| කොළඹ) – මෙක්සිකෝවේ නැගෙනහිර වැරකෲස් ප්‍රාන්තයේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166 ක් හමුවී තිබෙන අතර බලධාරීන් පවසන්නේ මේවා වසර 02 ක් තරම් පැරණි ඒවා බවයි.

හැඳුනුම්පත් 144 ක් පමණ ද මෙම ස්ථානයේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අස්ථි කොටස් හමුවූ ස්ථානය ආරක්ෂක හේතූන් මත ඇතුළු වීමට ඉඩ නොදුන් ප්‍රදේශයක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම ප්‍රදේශය දිගු කාලයක් තිස්සේ මිනී වළ දැමීම සඳහා යොදාගෙන ඇති බවත් වාර්තා වේ.

ආසන්න ස්ථානයක තිබී 2017 වර්ෂයේදී හිස්කබල් 250 ක් හමුවිය.

2006 වර්ෂයේ සිට මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගිය අතර ඒ හේතුවෙන් මේ වන විට 200,000ක පමණ පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වී ඇත.

Related posts

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 140 ක් රෝහලේ

Mohamed Dilsad

පුටින් විදෙස් ගත වෙයි

Mohamed Dilsad

බෝයිං 737 ගුවන් යානයක් තුර්කියේදී නැවත අනතුරට

Mohamed Dilsad

Leave a Comment