ප්‍රමුඛ පුවත 1

ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති මෙරට නිලධාරීන් හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි.

ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි ඔහු ජපානය නියෝජනය කරමින් සති කිහිපයක් තුළ මෙරටට පැමිණි දෙවන ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වේ.

වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගි වී ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ද හමුවීමෙන් අනතුරුව ජපාන රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දිවයිනට පැමිණ ඇති බව වාර්තාවේ.

අමාත්‍යවරයාගේ මේ සංචාරයේදී මුර සංචාරක යාත්‍රා දෙකක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතව තිබේ.

ඊට අමතරව ඔහු මෙරට ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපතට පත්වවූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 8548ක්

Mohamed Dilsad

දකුණු කොරියාවේ දී ශ්‍රී ලාංකීක තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment