ප්‍රමුඛ පුවත 1

දකුණු කොරියාවේ දී ශ්‍රී ලාංකීක තරුණයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – දකුණු කොරියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ  සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාකිකයා 27 හැවිරිදි අයෙකු වන අතර ඔහු දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටියි.

පසුගිය ඉරිදා දිනයේ දී අදාළ තෙල් ගබඩා සංකීර්ණයේ තිබු ටැංකියක් පුපුරායාමෙන් එහි ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් අපතේ ගොස් තිබුණි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොරියානු ආරක්ෂක අංශ ඊයේ(08) දිනයේ ඊට සම්බන්ධ බවට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වී ඇති අතර ඒ සමඟ ඇති  වූ ගින්නක් හේතුවෙන් එම තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

මහින්ද නඩු මගට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු එළි

Mohamed Dilsad

Leave a Comment