ක්‍රීඩා

මාලි යැවූ සුපිරි පන්දුවාරයේ වීඩියෝව මෙන්න

UTV | COLOMBO – ශ්‍රී ලංකා විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ සහ මහනුවර කණ්ඩායම අතර තරඟයක් ඊයේ(22) ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවති අතර එම තරගය ජයගත්තේ කොළඹ කණ්ඩායමයි.

මේ තරඟයේ ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරය කරා යොමු වූ අතර සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමේ කඩුලු දෙක ලකුණු 5ක් තුල බිඳ වැටුණා.

මේ අනුව ලකණු 6ක ඉලක්කයක් හඹා යාමේ අටියෙන් පිටියට පිවිසි කොළඹ මර්දනය කිරීම බාරගත්තේ ලසිත් මාලිංග. ඔහු කොළඹ ඉනිම ලකණු 5කට සීමා කරන්නට සමත් වුනේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින්.

ඒ අතරතුර පහසු දුවද්දී දවාගැනීමේ අවස්ථාවක්ද අහිමි වී ගියා.

සුපිරි පන්දුවාරයද සමවීම නිසා තරගයේ ජයග්‍රහණය හතරේ සහ හයේ පහර සංඛ්‍යාව අනුව ලබාදුන් අතර ඒ අනුව වැඩිම හතරේ හයේ පහර එල්ල කල කොළඹ කණ්ඩායමට ජයග්‍රහණය හිමි වූ අතර ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීම ගැන ක්‍රීඩා විචාරකයින් පැසසුම් සහගතව අදහස් පළකලා.

මාලිංග යැවූ සුපිරි පන්දුවාරයේ වීඩියෝව මෙන්න

Related posts

මානසික වශයෙන් ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගන බව ක්‍රීඩා ඇමති කියයි

Mohamed Dilsad

නවසීලන්තය ට තියුණු ජයක්

Mohamed Dilsad

පාකිස්තානයේ තීරණය ගැන ශ්‍රී ලංකා පුහුණුකරු කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment