ප්‍රමුඛ පුවත 1

මත්පෙති හා ගංජා සමඟ 27 ක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ගල්කිස්ස පොලිස් වසමේ හෝටල් පාරේ, සිදුකළ මෙහෙයුමකින් ගංජා හා මත්පෙති සන්තකයේ තබා ගත් සැකකරුවන් 27 දෙනෙකු හා එක් සැකකාරියක්ත් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ(19) දහවල් මෙම සොදිසි මෙහෙයුම සිදු කර තිබේ.

සැකකරුවන් ගල්කිස්ස පොලිස් වසමේ හෝටල් පාරේ, මුහුදු තීරයේ පිහිටි හෝටලයක ඊයේ දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා සංවිධානය කර තිබූ DJ සාදයකට සහභාගී වීම සඳහා පැමිණ ඇත.ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයට තොරතුරක් ලැබි තිබිණි.

ඒ අනුව මෙම සාදය පැවැත් වෙන ප්‍රදේශය ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා සිදු කළ පරීක්ෂා කිරීම්වලදී හා සිවිල් නිලධාරීන් යොදා සිදුකළ වැටලීම්වලදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 19 හා 45 ත් අතර වයස්වල පසුවන කළුතර, මාතර, රාගම, හෝමාගම, පෑලියගොඩ, බුත්තල, ගල්කිස්ස, රත්මලාන, පයාගල, පුත්තල, මාවනැල්ල, නුගේගොඩ, බොරලැස්ගමුව, දෙමටගොඩ,මරදාන හා වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න – අගමැති රනිල් ඉල්ලයි

Mohamed Dilsad

අකුරැස්සේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

උතුම් ථෙරවාදි බුදු දහම ප‍්‍රචාරය කරන්න ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය එක් වෙයි.

Mohamed Dilsad

Leave a Comment