විදෙස්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පිරිස 324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 100 පසුව දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපැ දරුණුතම කාලගුණ විපර්යාසය මෙය බව ය.

කේරළයේ දිස්ත්‍රික්ක 14න් 13කටම කාලගුණය පිළිබඳව රතු නිවේදන නිකුත් කර ඇත.

මේ වනවිට අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පුද්ගලයින් 2,23,123 දෙ‍නෙකු අවතැන් කඳවුරු 1500ක පමණ රඳවා ඇති බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

නාවික හමුදාවේ කණ්ඩායම් 42ක්, යුද හමුදාවේ කණ්ඩායම් 16ක්, වෙරළ ආරක්ෂක බලකා කණ්ඩායම් 28ක් සහ ජාතික ආපදා සහන සේවා කණ්ඩායම් 39ක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිෂාබ් පාන්ට්ගේ රිය අනතුරේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වෙයි (VIDEO)

Mohamed Dilsad

ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයාට අයි.එස් ප්‍රහාරයක්

Mohamed Dilsad

බ්‍රසල්ස් වෙඩික්කරු මරුට

Mohamed Dilsad

Leave a Comment