විදෙස්

ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයාට අයි.එස් ප්‍රහාරයක්

 

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත අයි.එස්. සංවිධානයේ අනුගාමිකයෙකු ලෙස සැලකෙන සාහසිකයෙකු විසින් තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඉන්දුනීසියානු බැන්ටෙන් ප්‍රාන්තයේ නගරයකදී ආරක්ෂක අමාත්‍ය විරන්තෝ ඔහුගේ මෝටර් රථයෙන් ඉවතට ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ 72 හැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයා හෙලිකොප්ටරයක් මගින් ජාකර්තා නගරය වෙත රැගෙන විත් තිබේ.

ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයි.එස්. සංවිධානය සමඟ සබදතා පවත්වන ජමා අන්ෂාරුට් දවුලා නැමති සංවිධානයේ සාමාජිකයෙකු විසින් අතර පසුගිය වසරේ පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දුනීසියානු ක්‍රිස්තියානු දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළේ ද එම සංවිධානය විසිනි.

ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිය දෙවන ධුර කාලය ලබන සතියේ ආරම්භ කිරීමට සූදානම්ව සිටිද්දීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව 2000 ආසන්න වේ

Mohamed Dilsad

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දින 3 කට වසා දැමෙයි

Mohamed Dilsad

කොස්ටරිකාහි දී ටොන් 5 කට අධික කොකේන් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment