ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිව සී.අයි.ඩී යට කැඳවයි

UTV | කොළඹ – හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන සිකුරාදා (17) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවිම සිදු කර ඇති බව පැවසේ.

පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී කීත් නොයාර් මහතාට දැනුම් දී තිබුණද ඔහු නොපැමිණීම නිසා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිළධාරීන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ කැන්බරා වෙත ගොස් කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමට පසුගියදා කටයුතු කර තිබුණී.

2008 මැයි 22 දින රාත‍්‍රි කීත් නොයාර් මහතා පැහැගෙන ගොස් පහර දී වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණසේකර මහතා ඇතුළු හමුදා සාමාජිකයින් 08 දෙනෙක් සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති

Related posts

එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Mohamed Dilsad

බුර්කාව තහනම් කෙරෙන පනත් කෙටුම්පත් කැබිනට්ටුවට

Mohamed Dilsad

තිලංගට ක්‍රිකට් පරිපාලනය සම්පූර්ණයෙන් තහනම් කරමින් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment