ප්‍රමුඛ පුවත 1

රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ මහතාට ජනපතිගෙන් සුබපැතුම්

(UTV| කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ශේරු ක්ලැසික් කායවර්ධන තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ මහතා ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ලොව ප‍්‍රධාන පෙලේ IFBB කායවර්ධන ශූරතා තරගාවලියක් වූ ශේරු ක්ලැසික් 2018 තරගාවලිය පසුගිය ජූලි 20 වනදා සිට 22 වන දා දක්වා නවදිල්ලි නුවරදී පැවැත්විණි.

රටවල් 162 ක තරගකරුවන් අභිභවමින් 85 Kg බර පන්තියේ ලෝක ශූරතාව දිනාගැනීමට අමිල මුණසිංහ මහතා එහිදී සමත්විය.

අමිල මුණසිංහ මහතාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා මාතෘ භූමියේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට කටයුතු කිරීම පිළිබඳව තම ස්තූතිය පිරිනැමීය.

එමෙන්ම ඔහුගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් ද සිය සුභාශිංසන පිිළිගැන්වීය.

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 15 දක්වා වැඩි වෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment