ක්‍රීඩා

සිව්වැනි එක්දින තරඟයේ පිතිකරුවන්ගේ සුදානම ගැන මැතිව්ස් කියයි

(UTV|මහනුවර) – එක්දින තරග වලදී වඩාත් හොඳ තණතීරු මත ක්‍රීඩා කිරීම මගින් ලකුණු 300 ක් හෝ 350 ක් හඹා යා හැකි මට්ටමට පිතිකරුවන්ගේ මනස යළි සකස් කරගත හැකි බව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (08) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයට පෙරාතුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමීන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේය.

“අවාසනාවකට වගේ අවසන් වරට තිබුණ තරගයේදී (05) අපි ඒ තරම් හොඳට සෙල්ලම් කළේ නෑ. ඒත් හොඳ තණතීරු මත සෙල්ලම් කරනවා නම් බොහෝ වෙලාවට ඉදිරියේදී අපට ලකුණු 300 ක ඉලක්කයක් දෙන්න නැතිනම් ඒ වගේ ඉලක්කයක් හඹා යන්න පුළුවන් වේවි…..කාලයක් යනකොට අපේ පිතිකරුවන් ඒකට හුරුවෙයි”

එක්දින තරගාවලිය මේ වන විටත් පරාජය වී සිටින නමුත් තමන්ගේ ගෞරවය වෙනුවෙන් ඉතිරි තරග දෙකේදී හැකි තරම් හොඳින් ක්‍රීඩා කළ යුතු බවද ඇන්ජලෝ මැතිව්ස් මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

“අපි අපේ ගෞරවය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕන. ඒත් එදා තරගයෙන් අපි කිසියම් දෙයක් ආරම්භ කළා. ඒක දිගටම ගෙනයන්න ඕන…කාලයත් එක්ක ඒකට මුහුණ දෙන්න අපේ අය ඉගෙන ගනීවි. අපි දියුණුවක් ලබන්න නම් ඒ දේ කරන්න වෙනවා”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විස්සයි 20 ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය මෙන්න

Mohamed Dilsad

ශෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

Mohamed Dilsad

CPL ආරම්භය අගෝස්තු 28 වනදා

Mohamed Dilsad

Leave a Comment