ප්‍රමුඛ පුවත 1

මාතරදී පැහැරගත් උසස් පෙළ සිසුවා සොයා ගැනේ

(UTV| කොළඹ) – මාතර ,ඉසදීන් නගරය ආසන්නයේදී පැහැර ගත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවා අහංගම ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලීසිය සොයා ගනී.

මෙම සිසුවා තංගල්ල, කඳුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු මාතර, හිත්තටිය ප්‍රදේශයේ ඥාති නිවසක නතර වී ඊයේ(06)  උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට පැමිණ ඇති බව වාර්තාවේ.

එහිදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් සිසුවා පැහැරගෙන ගොස් ඉ බව හෙළිව ඇත.

පසුව තමන් අහංගම ,ගොයියාපාන ප්‍රදේශයේ දමා ගිය බව සිසුවා පොලීසියට ප්‍රකාශ කර  තිබේ.

කවුරුන් විසින් සිසුවා පැහැර ගත්තේ ද යන්න පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණ වී නොමැත.

මොහු ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි අතර, මෙම පැහැර ගැනීම හේතුවෙන් සිසුවාට සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට ද නොහැකි වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ සරසවිය ශ්‍රේණි ගත කිරීම් වලින් ඉහළට

Mohamed Dilsad

ආනයනික පළතුරු වල පළිබෝධ නාශක නොමැති බව තහවුරු වේ…

Mohamed Dilsad

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment