ප්‍රමුඛ පුවත 1

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කල ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ  සාමාජිකයෙකු  අම්පාර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරැ මතය.

මෙම පුද්ගලයා නුවරඑළිය කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් විසින් තහවුරු කරගෙන ඇත.

මොහමඩ් රෆයිඩීන් මොහමඩ් අලි නැමැති මෙම සැකකරු වටදෙණිය ,වෙලංබොඩ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

සහාරන් විසින් නුවරඑළිය පැවැත්වු පුහුණු කඳවුරට සහාභාගි වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු ඉක්‍රිමා යන නාමය ඔහුට ලබාදි තිබේ.

ඒ අනුව මේ වන විට සහරාන්ගේ කඳවුරු වල පුහුණුව ලබා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 16කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

70 වැනි නිදහස් සැමරුමට සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment