විදෙස්

පලනිස්වාමිට බහුතර කැමැත්ත

(උදයම්,ඉන්දියාව) –  ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ නායකයා වන ඊ. පලනිස්වාමිට විශ්වාසය පළ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

අද පස්වරුවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී ඡන්ද විමසීම පැවැත්වුණි.

එහිදී ඔහුට ඡන්ද 122 ක් හිමිවූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 11 ක් පමණය.

මෙම ඡන්ද විමසීමට මන්ත්‍රීවරුන් 80 කට වැඩි පිරිසක් නියෝජනය කරන ඩී.එම්.කේ. පක්ෂ නියෝජිතයන් මෙන්ම, කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයින් ද සහභාගිවී නොමැත.

ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා, සිරගතවීමට පෙර පත් කර ගන්නා ලද ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ නායකයා වන ඊ. පලනිස්වාමිට කෙසේ හෝ පක්ෂයේ බහුතරය ගෙන පෙන්වන ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර සී.විද්‍යාසාගර් රාඕ පසුගියදා පැවසීය.

Related posts

සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කරයි

Mohamed Dilsad

ජපාන අධිරාජ්‍ය කිරුල අත්හැරීමට සුදානම්

Mohamed Dilsad

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment