ප්‍රමුඛ පුවත 1

ජනපති මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

(UTV| කොළඹ) – ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය.

මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පියතුමන්ලා ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා අතින් ද සමරු තිළිණ පිළිගැන්විණි. ආගමික වතාවත්වලින් අනතුරුව දේවස්ථානය අවට නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ ජනාධිපතිතුමා එහි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීය. සිංහල, දෙමළ, මුස්ලිම් විශාල ජනතාවක්  දේවස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

නාලක ද සිල්වා අදත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙයි

Mohamed Dilsad

අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ අවසන් ජනරැළි හා මාධ්‍ය හමුවීම්

Mohamed Dilsad

Leave a Comment