විදෙස්

බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කෙරේ

(උදයම්,බ්‍රසීලය) – උතුරු බ්‍රසීලයේ රොරයිමා හී බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිරගත කර සිටින මැර කණ්ඩායමක් මෙම ඝාතනය පිටුපස සිටින බව එරට අධිකරණ අමාත්‍යංශ ලේකම් උසියෙල් කැස්ත්‍රෝ පවසයි.
සිර මැදිරි වල අගුලු කඩා එළියට පැමිණ ඇති සිරකරුවන් බන්ධනාගාරය අත්පත් කරගෙන ඇත. මේ වන විට සිදුවීම සමථයකට පත් කර ඇති අතර එරට හමුදා විශේෂ බලකාය බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා තිබේ.

මීට දින කිහිපයකට පෙර ද බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවෝ 56 දෙනෙක් ඝාතනයට ලක් වූහ.

Related posts

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

Mohamed Dilsad

නයිජර් දේශ සීමාවේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් 83 ක් මරුට

Mohamed Dilsad

තලෙයිබාන් පාලනයේ අලුත්ම නියෝගය

Mohamed Dilsad

Leave a Comment