විදෙස්

තලෙයිබාන් පාලනයේ අලුත්ම නියෝගය

ඇෆ්ගනිස්ථානයේ සියලු රූපලාවන්‍යාගාර වසා දැමීමට තලෙයිබාන් පාලනය නියෝග කර තිබේ.

 

එම ස්ථාන වසා දැමීම සඳහා ජුලි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ.

 

කාන්තාවන් සඳහා තලෙයිබාන් පාලනය විසින් පැනවූ නවතම කොන්දේසිය ලෙස මෙය සැලකේ.

 

2021 වසරේ දී ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය ආරම්භ වීමත් සමග කාන්තා නිදහස සීමා වූ අතර ඔවුන් සඳහා විවිධ කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබුණි.

 

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය පැවති 1996 – 2001 කාලය තුළ ද රූපලාවන්‍යාගාර විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවූ අතර 2001 වසරෙන් පසුව ඒවා ක්‍රමයෙන් යළි විවෘත වී තිබු බව සඳහන්ය

Related posts

ඩයමන් ප්‍රින්සස් නෞකාවේ දෙදෙනෙකු කොරෝනා වැළඳීමෙන් මරුට

Mohamed Dilsad

ඔමික්‍රොන් නිසා රටවල් 09 කින් ඔස්ට්‍රේයාවට ඇතුලුවීම තහණම්

Mohamed Dilsad

ජපානයේ ටැපා සුළි කුණාටුව හේතුවෙන් 50 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment