ප්‍රමුඛ පුවත 1

හිමි නමක් පහරදී පොලිස් නිලධාරියෙකු මරුට

(UTV| කොළඹ) – හිමිනමක විසින් පොලිස් නිලධාරියෙකු ගෙළ සිරකර ඝාතනය කර තිබේ.

රත්නපුර, ගල්ලැන්ද විහාරස්ථානයේ විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිනිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු මෙලෙස එම විහාරස්ථානයේ හිමි නමක් විසින් ඝාතනය කර ඇත.

වරෙන්තු ලබා සිටින අදාළ හිමි නම ඔහුගේ ගෙළ සිරකිරීමෙන් පසු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීම සඳහා රැගෙන යමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තාවේ.

එම අවස්ථාවේ විහාරස්ථානයට රත්නපුර පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද පැමිණ තිබෙනවා.

එහිදී සැකකාර හිමිනම අත්බෝම්බයක් රැගෙන පැමිණීම නිසා හිමිනමගේ අතකට පහරදී  අත්බෝම්බය පොලිස් භාරයට ගෙන හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්ද රාජපක්ෂ මහතා අද (18) විපක්ෂ නායක කාර්යාලයට…

Mohamed Dilsad

වර්ෂාපතනය සහ සුලං නිසා නිවාස 30 පමණ හානි

Mohamed Dilsad

පොහොර ප්‍රශ්නය අද රාත්‍රියේ විසඳෙනවා – අමාත්‍ය දයාසිරි

Mohamed Dilsad

Leave a Comment