ක්‍රීඩා

ඉන්දියාව පරදා එංගලන්තයට ජය

(UTV|එංගලන්තය) – ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කරයි.

තරග 3කින් සමන්විත තරගාවලිය එක් තරඟය බැගින් ජය ලබාගෙන දෙපිලම සම තත්ත්වයේ පසුවේ.

කාර්ඩිෆ්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 148ක් රැස් කළේය.

නායක විරාට් කෝලි ලකුණු 47යි. ලබා මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලබාගත් ලකුණු ගණන 32කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී තරගය ජය ගත්තේය.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඇලෙක්ස් හේල්ස් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

ICC එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න

Mohamed Dilsad

Leave a Comment