ක්‍රීඩා

පාරමී සහ ඩිලාන් යොවුන් ඔලිම්පික් උළෙලට

(UTV| කොළඹ) – ආර්ජන්ටිනාවේ පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ශි‍්‍ර ලංකාවේ පාරමී වසන්ති කී‍්‍රඩිකාව සමත් වෙයි.

ඇය තායිලන්තයේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලට ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලියේදී මීටර් 2000 බාධක දිවීමේ බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.

ඇය දැක්වූ දක්ෂතාව මිනිත්තු 6.35.20කි.

එම ඉසව්වේ මෙම වසරේ සිටින අංක එකේ කී‍්‍රඩිකාව බවට පාරමී වසන්ති මෙහිදී පත්වුණි.

ප‍්‍රංශ කී‍්‍රඩිකාවක් මීට පෙර පෙරමුණ ගෙන සිටි අතර එම වාර්තාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක වන පාරමී වසන්ති බිද දැමීම කැපී පෙනුණි.

පාරමී වසන්ති නිමා වූ ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් 3000 බාලිකා ඉසව්වේ රන් පදක්කමද ශී‍්‍ර ලංකාවට දිනා දුන්නාය.

මේ අතර ඊයේ (04) පැවති යොවුන් ඔලිම්පික් උළෙලට සුදුස්සන් තේරීමේ තරගාවලියේදී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඩිලාන් බෝයගොඩද යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගෙන ඇත.

එ්, තත්පර 48.58ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙල ලබන ඔක්තෝබර් මස 06 වැනිදා ආර්ජන්ටිනාවේදී ආරම්භවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට පරාජය වීමෙන් සිදුවූ ලැජ්ජාව ගැන මිස්බාගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූවීම් යළි ඇරඹීමට අවධානය

Mohamed Dilsad

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් සංචාරයක් පිලිබඳ සකච්ඡා

Mohamed Dilsad

Leave a Comment