ක්‍රීඩා

ජර්මනියට අත්වූ අවාසනාවන්ත ඉරණම

(UTV|රුසියාව) – හිටපු ශූරයන් වන ජර්මනියට පළමු වටයෙන්ම සිය ලෝක කුසලාන සිහිනය අත්හරින්නට සිදුවිය.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙතෙක් සිදුවූ විශාලතම පෙරලිය මෙය බව ක්‍රීඩා වාර්තා පෙන්වා දෙයි.

ඒ දකුණු කොරියාව සමග ඊයේ(27) පැවති  F කාණ්ඩයේ අවසන් තරගය ගෝල 2 – 0 ක් ලෙස පරාජය වීමත් සමඟය.

මෙම තරගයේ නියමිත මිනිත්තු 90 පුරා කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වූ අතර කොරියානුවන් සිය ගෝල දෙකම වාර්තා කළේ තරගයේ ආබාධ හේතුවෙන් අහිමිවූ කාලය වෙනුවෙන් ලබා දුන් අතිරේක මිනිත්තු කිහිපය තුළ වීම විශේෂත්වයකි.

මේ අනුව ජර්මනියට F කාණ්ඩයේ අවසන් කණ්ඩායම ලෙස පළමු වටය අවසන් කිරීමට සිදුවුණි.

ජර්මනිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පළමු වටයෙන්ම ඉවත් වූ පළමු වතාව මෙයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලාන පරාජය ගැන කුසල් කටුනායකදී කතා කරයි

Mohamed Dilsad

විස්සයි විස්ස ලෝක කුසලානය අදින් ඇරඹේ

Mohamed Dilsad

දින14ක් තුළ වත්කම් බැරකම් ලබා දෙන්නැයි සචිත්‍රට දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment