ක්‍රීඩා

දින14ක් තුළ වත්කම් බැරකම් ලබා දෙන්නැයි සචිත්‍රට දැනුම් දෙයි

(UTV | කොළඹ) – නිමා වූ LPL ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා වූ බව කියන තරග පාවාදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සචිත්‍ර සේනානායකට දින 14 ක් තුළ වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ, ඔහු අද (04) දෙවැනි දිනටත් එම ඒකකය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී යි.

ඊයේ (03) දිනයේ දී ද සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පැය 08 ක පමණ දීර්ඝ ප්‍රකාශයක් ලබාදුන්නේය.

අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට සහාය නොදැක්වීම හේතුවෙන් සචිත්‍ර සේනානායක පසුගියදා අධිකරණය හමුවට ද කැඳවා තිබුණි.

කෙසේ වෙතත්, අධිකරණය හමුවට ඔහු එදින පැමිණ නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

ඒ, අපේක්ෂිත ඇප අයදුම්පත අසම්පූර්ණ බව දන්වමින්.

 

Related posts

ඩිලන්ත මාලගමුව – අශාන් සිල්වා අද තරග බිමේ

Mohamed Dilsad

ධනුෂ්ක ගැන මහේල කියූ දේ

Mohamed Dilsad

මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment