ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරුන් අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කිරිම පිළිබදව විධිමත් ක්‍රියාමාර්ගයක්

(UTV| කොළඹ) – විවිධ රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කිරිම පිළිබදව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී ඇත.

අවසරයකින් තොරව වෛද්‍යවරුන් ප්‍රකාශ නිකුත් කිරිම විනය විරෝධී කරුණකි.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබදව පසුගිය (19)දින වෛද්‍යවරුන් මාධ්‍යයට නිකුත් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.

තව ද තිස්සමහාරාම රෝහලේ වෛද්‍යවරුන්ගේ හිගයක් ඇති බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහලට අවම වශයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු කඩිනමින් යොමු කරන ලෙස වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතාට දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරක්කාමම් ජනතාව ඇමතු ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

Mohamed Dilsad

අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment