ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

(උදයම්,කොළඹ)  –  අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔහු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද (23) පෙරවරුවේ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එම මාධ්‍ය හමුවෙන් අනතුරුව පිටවයාමේදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.

පසුගියදා සයිටම් විරෝධී සිසු විරෝධතා ව්‍යාපාරය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩාවැදී රාජ්‍ය දේපළවලට හානි සිදුකළ බවට එල්ලවන චෝදනාවන්ට අදාළව ඔහු අත්අඩංගුවට ගැනුණි.

Related posts

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ගෝඨාභයගේ විදෙස් ගමන් බලපත්‍රය පිලිබඳ තොරතුරු ලබා දෙන්නැයි අධිකරණයට නියෝග

Mohamed Dilsad

ගානියා බැනිස්ටර් ඇප මත මුදාහැරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment