ප්‍රමුඛ පුවත 1

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක්,ළඟදීම ගම් පෙරළිය වැඩසටහනින්

(UTV|පොළොන්නරුව) – ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘ගම් පෙරළිය’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසයි.

අතිවිශාල මුදලක් වැය කරමින් සියලු ග‍්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර ග‍්‍රාමීය දුක්විඳින ජනතාවට සංවර්ධනයේ අරුණලු උදාකරදීම එහි අපේක්ෂාව බව ද ජනාධිපතිතුමා පැවසීය.

මේ අතර ජනතාව දිළිඳුකමින් මුදා ගැනීම සඳහා ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ද අද සාර්ථකව දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුව, ඕනෑගම, මැදමළුව විහාරස්ථානයේ ඊයේ (15) පස්වරුවේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ යහපත් රටක් මෙන්ම දරුවන්ට හොඳ රටක් ගොඩනැගීම පිළිබඳ පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සමස්ත ජනතාවට පොදු වගකීමක් පැවරී තිබෙන බවයි.

රට සහ ජනතාව වෙනුවෙන් ඒ සඳහා කඩිනමින් පෙළගැසීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පොළොන්නරුව, ඕනෑගම, මැදමළුව විහාරස්ථානයේ අභිනව රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය අද මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පුණ්‍යෝත්සවය සඳහා එක්විය.

විහාරාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ කාරක සංඝ සභික උතුරු මැද පළාතේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පණ්ඩිත ශාස්ත‍්‍රපති කවුඩාගම්මාන විමලරතන හිමිපාණන් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය උඩුගම ශ‍්‍රී ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිරිපාල ගම්ලත් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ ප‍්‍රදේශවාසින් විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩරට මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයකින් දුම්රිය ප්‍රමාදයක්..

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාකච්ඡා කල් යයි.

Mohamed Dilsad

රටේ සම්පත් ආරක්ෂා කරන්න වහා පියවර ගන්න – ඇමති රිෂාඩ් රජයට අනතුරු අඟවයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment