ප්‍රමුඛ පුවත 1

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

(UTV| කොළඹ) – මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.

ඒ කාන්ති කොඩිකාර ඇතුලු හයදෙනෙක් මන්ත්‍රීවරු ලෙස පත් කිරීමත් සමඟය.

මේ හේතුවෙන් සභාවේ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇති බව අප වාර්තාකරු පැවසීය.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් යතුරුපැදිය ලකුණින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉල්ලා අස් වුහ.

ඒ වෙනුවට එම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හයදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී දිවුරුම් දී තිබේ.

ඒ අතර කාන්ති කොඩිකාරට අමතරව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් චිත්‍රානි සුගතපාල, රේවතී මංගලිකා සිගේරා, සාවිත්‍රි ගුණසේකර, දිනෙත්‍රි ජයසේකර සහ ඉනෝකා අනුරාධා රණවීර නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී ඇති අතර, ඔවුන්ගේ නම් ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 42 ක් යළි දිවයිනට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවයි

Mohamed Dilsad

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment