ව්‍යාපාරික

රන් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1244 ශත 70ක් ලෙසයි.

එය රන් මිලෙහි සියයට 6කින් වර්ධනයකි.

පසුගිය මාස එකහමාරක කාලයේදී  දිගින් දිගටම  මිල වර්ධනය වුණි.

පවතින ලෝක වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් වැඩි වශයෙන් මිලදී ගැනීමට ආයෝජකයන් පෙළඹී සිටින බව වාර්තාවේ.

ඩොලර් විනිමයට සාපේක්ෂව පසුගිය දින 30 තුළ රන් මිල සියයට 4.3කින් වර්ධනය වී ඇති අතර, යුරෝ විනිමයට එරෙහිව සියයට 3.38කින් සහ බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව සියයට 1.5කින් ඉහළ ගොස් තිබේ.

Related posts

ආනයනික ලොකු ලූණු සඳහා රු. 100ක බද්දක්…?

Editor O

සති දෙකකින් හාල්වලට කරන දේ ගැන ජනාධිපති අනුර කියයි

Editor O

අප්‍රේල් සිට මැයි දක්වා උද්ධමනයේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment