ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තාවකාලිකව පත්කරයි.

ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කාරක සභාව හා සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී මෙම නව පත් කිරීම සිදු කර තිබේ.ඒ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ය.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව මෙතෙක් පැවති පක්ෂයේ නිලධාරී මණ්ඩලය විසුරුවා හැර ඇත.

ඒ අනුව තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කළේය.

එහිදී නව මහ ලේකම්වරයා ලෙස පත් කෙරුණේ, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ය.

ජාතික සංවිධායක ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පත් කෙරිණ.

පක්ෂ භාණ්ඩාගාරික ලෙස එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පත් කෙරුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බෝතල් කළ පානීය ජලය සම්බන්ධයෙන්

Mohamed Dilsad

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා වූ මාධ්‍ය ගම්මානයක්

Mohamed Dilsad

පොලිසියට අල්ලස් දුන් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment