ප්‍රමුඛ පුවත 1

ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුලූ හතරදෙනෙකු නුවරඑළිය පොලීසිය අත්අඩංගුවට ගනී.

ඒ අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඔරලෝසුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කර තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධුරයට පත්වූ  අනගිපුර අශෝක සේපාල සහ නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක ඇතුලූ හතරදෙනෙකු බවයි.

2017 වසරේ ආගරපතන – පෝර්ට්මෝර් වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීම සම්බන්ධයෙන් ඊයේ නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු අධ්‍යාපන සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙසට නියෝග

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ අනාගතය පිලිබඳ සිතා බුද්ධිමත් තීරණයක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

ප්‍රතික්ෂේප කල පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් ගැනීමට විරුද්ධයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment