ප්‍රමුඛ පුවත 1

නැති වුණු රණ මයුර සම්මානය යළි භාර දෙයි

(UTV| කොළඹ) – සොරකම් කර තිබියදී සොයා ගැණුනු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අයත් රණ මයුර සම්මානය සමඟ ලැබුණු පදක්කම පොලීසිය ඔහුගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස්ට අද යළි භාර දුන්නේය.

2000 වසරේ ඉන්දියාවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පිරිනැමුණු මෙම සම්මානය ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණු දිනයේදි අතුරුදන් විය.

පසුව එම සම්මානය පසුගිය මස 5 වනදා පොලීසියට හමු වූයේ කොල්ලුපිටිය කඩුවෙල පෞද්ගලික බස් රථයක දමා ගොස් තිබියදීයි.

ඉන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි.

මෙම සම්මානය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමුකර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් අනතුරුව අද (01) එම සම්මානය  සුමිත්‍රා පීරිස් මහත්මියට භාර දෙනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර පාසැල් සඳුදා යළි ඇරේ

Mohamed Dilsad

නීතිවිරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොහොර ප්‍රශ්නය අද රාත්‍රියේ විසඳෙනවා – අමාත්‍ය දයාසිරි

Mohamed Dilsad

Leave a Comment