ප්‍රමුඛ පුවත 1

යල කන්නයේ වගා හානිවුවන්ට වන්දි

(UTV| කොළඹ) – ගංවතුර සහ නාය යාම්වලින් යල කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි ලබා දීමට රජය තීරණය කරයි.

සිදු වූ හානි සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ශාඛාවකට හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානයකට දැනුම් දිය යුතු බව කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු සහ මිරිස් යන භෝග සඳහා වන්දි පිරිනැමෙනු ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ උපරිම බිම් ප්‍රමාණය සහ වගාවේ අවධිය පිළිබඳව සිදු කරන ලද පරීක්ෂා කිරීම්වලින් පසු වන්දි ලබා දෙන බව යි.

වගා හානි තක්සේරු කිරීම සඳහා අදාළ ප්‍රදේශ වෙත නිලධාරීන් යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අනුව සිදුව ඇති හානි පිළිබඳ තොරතුරු 1918 දුරකතන අංකය ඇමතීමෙන් ද ලබා දිය හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කෙරේ [PRESS RELEASE]

Mohamed Dilsad

යුද හමුදා භට පිරිසක් මාලි රාජ්‍යයට

Mohamed Dilsad

Leave a Comment