ප්‍රමුඛ පුවත 1

ෆේස් බුක් යාළුකමින් ලක්ෂ 43ක් ගත් නයිජීරියානු තරුණයා රිමාන්ඩ්

(උදයම්,බදුල්ල )  –  ෆේස් බුක් මගින් හැදිනගෙන මෙරට කාන්තාවකගෙන්  රුපියල් 43 ලක්ෂයක මුදලක් වංචා කල නයිජිරියා ජාතිකයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

උපන් දිනයට රන්බඩු පාර්සලයක් එවන බව පවසා බදුල්ලේ විවාහක කාන්තාවකගේ රුපියල් ලක්ෂ 43ක මුදලක් මෙම 22 හැවිරිදි නයිජිරියා ජාතික තරුණයා බදුල්ල පොලිසිය විසින් පෙරේදා (8) මාලබේ දී අත්අඩංගුවට ගෙන අද (09) පස්සර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහේස්ත‍්‍රාත් රසාංජන ජයසේකර මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මාලබේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබමින් සිටි 22 හැවිරිදි ශිෂ්‍යයකු වන බෙන්සන් ඬේවිඩ් නමැත්තෙකි.

මෙම සිද්ධියේ පැමිණිලිකාරිය බදුල්ල, කනුපැල්ල ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක බවත් ඇයගේ සැමියා විදේශගත වී සිටින බවත් පොලිසිය පවසයි.

 

 

බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

අකිල විරාජ් අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

දෙමටගොඩින් බැස ගිය දුම්රිය නියාමක ගැන පරීක්ෂනයක්

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් – CID පවසයි.

Mohamed Dilsad

Leave a Comment